පීටර්සන්ට කැපිටල්ස් කණ්ඩායමෙන් තනතුරක්

2025 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ උපදේශක ලෙස එංගලන්ත හිටපු නායක කෙවින් පීටර්සන් පත් කර තිබෙනවා.

දිල්ලි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Hemang Badani කටයුතු කරන අතර, Matthew Mott සහාය පුහුණුකරු ලෙසයි කටයුතු කරන්නේ.

Munaf Patel පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, Venugopal Rao ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කරනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එළඹෙන තරග වාරයේදී නායකත්වය ලබා දෙන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිවේදනය කර නැහැ.

පීටර්සන් අවසන් වරට අයි.පී.එල් තරගාවලියක් ක්‍රීඩා කළේ 2016 වසරේදී වන අතර, ඔහු අයි.පී.එල් කණ්ඩායමක පුහුණුකරු තනතුරක් දරනු ලබන පළමු අවස්ථාව මෙයයි.

Comments (0)
Add Comment