පිලිප්ස්ගේ කඩුලු 4 හා මහ්මුදුල්ගේ 86 හමුවේ පළමු දිනයේ ගෞරව සමව බෙදී යයි

Day 1 Report

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(28) සිල්හෙට් හී දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

පළමු දිනය නිමා වන විට ඔවුන් කඩුලු 9 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 310 ක්.

මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 86 ක් ද, නායක නජ්මුල් හොසේන් ශන්ටෝ හා මොමිනුල් හක් ලකුණු 37 බැගින් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ග්ලේන් පිලිප්ස් ලකුණු 53 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ක්යල් ජමීසන් හා අජාස් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

big 3
Comments (0)
Add Comment