පිට පිට තෙවැනි වරටත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Toss Report

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ. තරගාවලියේ පළමු තරග දෙකේ දී ද කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වායි.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනස්කම් දෙකක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක හා කණ්ඩායමේ සිටි එකම විශේෂඥ දග පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ. දෙවැනි තරගයෙන් ඉවත් කළ කුසල් මෙන්ඩිස් හා විශ්ව ප්‍රනාන්දු යළි කණ්ඩායමට කැදවා තිබෙනවා.

මෙම තරගයේ දී 20 හැවිරිදි වමත් වේග පන්දු යවන ක්‍රීඩක Josh Hull එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම ද විශේෂත්වයක්. දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මැතිව් පොට්ස් වෙනුවට ඔහු කණ්ඩායමට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තරගය ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව මීට පෙර ඕවල් ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 1998 වසරේ දී පමණයි. එම තරගයේ පළමු ඉනිමේදී සනත් ජයසූරිය වාර්තා කළ ලකුණු 213 ත්, තරගය පුරා මුත්තයියා මුරලිදරන් බිද හෙලූ කඩුලු 16 ත් හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 10 ක විශීෂ්ඨ ජයක් වාර්තා කළා.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් එංගලන්තය මේ වන විටත් තරග 2-0 ක් ලෙස තරගාවලිය ජය ගෙන අවසන්.

කණ්ඩායම් දෙක –

England XI

  1. Dan Lawrence
  2. ⁠Ben Duckett
  3. Ollie Pope (captain)
  4. Joe Root
  5. ⁠Harry Brook (vice-captain)
  6. ⁠Jamie Smith (wicketkeeper)
  7. ⁠Chris Woakes
  8. ⁠Gus Atkinson
  9. Olly Stone
  10. ⁠Josh Hull
  11. Shoaib Bashir

Sri Lanka XI

  1. DIMUTH KARUNARATHNE
  2. PATHUM NISSANKA
  3. KUSAL MENDIS
  4. ANGELO MATHEWS
  5. DINESH CHANDIMAL
  6. DHANANJAYA DE SILVA (Captain)
  7. KAMINDU MENDIS
  8. MILAN RATHNAYAKE
  9. VISHWA FERNANDO
  10. LAHIRU KUMARA
  11. ASITHA FERNANDO
Comments (0)
Add Comment