පැට් කමින්ස් San Francisco Unicorns සමග වසර 4ක ගිවිසුමක් අත්සන් තබයි

ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් San Francisco Unicorns කණ්ඩායම සමග වසර 4ක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ඒ, ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් (MLC) තරගාවලියේ ඉදිරි තරගාවලි ක්‍රීඩා කිරීමේ අරමුණින්.

පැට් කමින්ස් මෙලෙස MLC තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත වීම සුවිශේෂී වන්නේ මෙතෙක් ඔහු ක්‍රීඩා කර ඇති එකම විදෙස් ලීග් තරගාවලිය අයි.පී.එල් තරගාවලිය පමණක් වීම හේතුවෙනුයි.

ඔහු නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අනුශූරතාවය දක්වා රැගෙන යාමට ද නායකත්වය ලබා දුන්නා.

ජාත්‍යන්තර තරගාවලි නිසා ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලිය සදහා ද පැට් කමින්ස් 2018-19 තරග වාරයේ සිට මෙතෙක් ක්‍රීඩා කර නැහැ.

මෙම වසරේ දී පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි 6 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

MLC තරගාවලියට ක්‍රීඩා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පැට් කමින්ස් මෙලෙස අදහස් දක්වා සිටියා.

“MLC is developing at a rapid rate, and the US market potential is huge for cricket,”

“While cricket is integral to my involvement, the global network and long-term possibilities offered by the owners specifically, and Silicon Valley more broadly, presented a unique opportunity for me and my life beyond cricket.

“Anand [Rajaraman] and Venky [Harinarayan, SF Unicorns’ co-owners who are also Silicon Valley entrepreneurs] operate in a business world that excites me enormously and I can’t wait to be a part of it.”

Comments (0)
Add Comment