නවසීලන්තය සමග එළඹෙන 12 වැනිදා නවසීලන්තයේ දී ආරම්භ වීමට නියමිත තරග පහකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් මොහමඩ් හැරිස් ඉවත් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
වළලුකර ආබාධයක් හේතුවෙන් ශඩාබ් ඛාන් ද මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.
කෙසේ වෙතත්, පාකිස්තාන තේරීම් කමිටු ප්‍රධානී වහබ් රියාස් සදහන් කළේ ඔවුන් දෙදෙනාම කණ්ඩායමේ දීර්ඝ කාලීන සැලසුම්වල කොටස්කරුවන් වන බවයි.
සැප්තැම්බර් මාසයේ සිට ආබාධයක් හේතුවෙන් ජාත්‍යන්තර පිටියෙන් ඉවත්ව සිටින නසීම් ශාහ් මෙම 20යි 20 තරගාවලිය සදහා ද ක්‍රීඩා කරන්නේ නැහැ.
මොහමඩ් හස්නයින් ද සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවන බැවින් මෙම තරගාවලිය සදහා නම් කර නැහැ.
කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාම ආබාධවලින් සුවය ලබා ඇති අතර, නසීම් ශාහ් මේ වන විට සිය පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටිනවා.
ඒ අනුව නසීම් ශාහ් එළඹෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කරනු ඇති.
ශහීන් ශාහ් අෆ්රිඩි පාකිස්තාන 20යි 20 කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් වීමෙන් පසුව පාකිස්තානය ක්‍රීඩා කරන පළමු 20යි 20 තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.
Pakistan squad:
Shaheen Shah Afridi (c), Aamer Jamal, Abbas Afridi, Abrar Ahmed, Azam Khan, Babar Azam, Fakhar Zaman, Haris Rauf, Haseebullah Khan, Iftikhar Ahmed, Mohammad Nawaz, Mohammad Rizwan (wk), Mohammad Wasim, Sahibzada Farhan, Saim Ayub, Usama Mir, Zaman Khan