පාකිස්තාන හිටපු නායකයාට වසර 10ක සිර දඩුවම්

පාකිස්තාන හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ඉම්රාන් ඛාන්ට වසර 10 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

පාකිස්තානයේ විශේෂ අධිකරණයක් විසින් එම සිර දඩුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2022 වසරේ දී ඔහු අගමැති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික ලියවිල්ලක් ආපසු භාර නොදීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වී තිබුණා.

2023 වසරේ අගෝස්තු මාසයේ සිට ඔහු වෙනත් චෝදනාවකට වරදකරුවෙකු වීම හේතුවෙන් ද මේ වන විටත් සිර ගතව සිටිනවා. වසර තුනක කාලයක් සදහා එම සිර දඩුවම නියම කෙරුණු නමුත්, පසුව එය අත්හිටුවනු ලැබුවා.

ඉම්රාන් ඛාන්ට පැන වූ වසර 10 ක සිර දඩුවමට එරෙහිව මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොණු කරන බවයි ඔහුගේ නීතිඥයින් සදහන් කළේ.

2018 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළයි ඉම්රාන් ඛාන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ධූරය දරනු ලැබුවේ.

PAKISTAN NEWS
Comments (0)
Add Comment