පාකිස්තාන සංචාරයේ සංශෝධිත තරග කාලසටහන නිවේදනය කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ ඉදිරි සියලු තරග කාලසටහන සංශෝධනය කර තිබෙනවා.

ඒ, පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් අද දිනයේදී යළි දිවයිනට පැමිණීමට අවශ්‍ය බවට දැනුම් දීමත් සමග ඇති වූ තත්ත්වය හේතුවෙන්.

සංචාරය යටතේ තවත් එක්දින තරග දෙකක් හා තුන්කොන් T20 තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය හෙට (14) දිනය දක්වා කල් දමා ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි එක්දින තරගයද දිනකින් කල් දමා ඇති අතර, ඒ අනුව එම තරගය පැවැත්වෙන්නේ එළඹෙන 16 වැනිදායි.

එම තරග දෙකම නියමිත පරිදි රාවල්පින්ඩිහීදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර,  එළඹෙන 17 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා, පාකිස්තාන, සිම්බාබ්වේ තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලිය 18 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

29 වැනිදා දක්වා පැවැත්වෙන එම තරගාවලිය මීට පෙර රාවල්පින්ඩි හා ලාහෝර්හීදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, මේ වන විට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ තරගාවලිය රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමටයි.

තුන්කොන් තරගාවලියේ කාලසටහන :

top
Comments (0)
Add Comment