පාකිස්තාන ප්‍රබල ක්‍රීඩිකාවන් දෙදෙනෙකු රිය අනතුරකට මුහුණ දෙයි

පාකිස්තාන කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන Bismah Maroof හා Ghulam Fatima මෝටර් රථ අනතුරකට මුහුණ දී තිබෙනවා.

එම රිය අනතුරින් ඔවුන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔවුන් දෙදෙනාට අවශ්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසුව මේ වන විට ඔවුන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ පසුවන බව ද එරට ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

පාකිස්තාන කණ්ඩායම ඉදිරියේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, එම තරගාවලිය වෙනුවෙන් වන පුහුණු කදවුරකට මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාගේම නම් ඇතුළත්.

කොදෙව් කාන්තා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 5ක් පැවැත්වීමට නියමිතයි.

අප්‍රේල් 18 වැනිදා සිට කරච්චි හී දී එම තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Comments (0)
Add Comment