පාකිස්තාන ක්‍රීඩකයින්ගේ හමුදා පුහුණු කදවුර අද සිට – අමීර්, ඉමාඩ් හා රවුෆ් ඇතුළු 29 ක් කදවුරේ

පාකිස්තාන ක්‍රීඩකයින් 29 දෙනෙකු අද(26) සිට පාකිස්තානයේ ‘කකුල්’ (Kakul) ප්‍රදේශයේ දී එරට යුද්ධ හමුදාව යටතේ පුහුණු කදවුරකට එක්වනවා.

මෙම කදවුර සදහා පාකිස්තානයේ උපත ලද එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයෙකු වන උස්මාන් ඛාන් ද ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නිමා වූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ ඔහු තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභියා බවට ද පත් වුණා.

PSL තරගාවලියට පෙර ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ILT20 හා අබුඩාබි T10 තරගාවලි සදහා දේශීය ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළා.

කෙසේ වෙතත්, මෙම පුහුණු කදවුරට ඔහුව නම් කිරීමත් සමග උස්මාන් ඛාන් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවට ඉගි පලව තිබෙනවා.

මේ අතර, පසුගිය සතියේ දී විශ්‍රාම ගැනීමේ තීරණ සංශෝදනය කරමින් යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමට තීරණය කළ ඉමාඩ් වසීම් හා මොහමඩ් අමීර් ද පුහුණු කදවුර සදහා නම් කර තිබෙනවා.

ඊට අමතරව මේ වන විට උරහිසක ආබාධයකින් සුවය ලබමින් සිටින වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් ද මෙම ක්‍රීඩකයින් 29 දෙනා අතරට ඇතුළත්.

ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම මීට සති කිහිපයකට පෙර අවලංගු කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබූ නමුත්, පසුගියදා යළි එම තීරණය සංශෝදනය කරමින් ඔහුට කොන්ත්‍රාත් ගිවිසුම යළි ලබා දීමටයි පියවර ගැණුනේ.

පුහුණු කදවුරට එක්වන ක්‍රීඩකයින් –

Aamer Jamal, Abrar Ahmed, Azam Khan, Babar Azam, Fakhar Zaman, Haris Rauf, Hasan Ali, Haseebullah, Iftikhar Ahmed, Imad Wasim, Irfan Khan, Mehran Mumtaz, Mohammad Abbas Afridi, Mohammad Ali, Mohammad Amir, Mohammad Haris, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Sahibzada Farhan, Saim Ayub, Salman Ali Agha, Saud Shakeel, Shadab Khan, Shaheen Shah Afridi, Usama Mir, Usman Khan, Zaman Khan

Comments (0)
Add Comment