පාකිස්තාන ක්‍රිකට් ආයතනයට නව සභාපතිවරයෙක්

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස Mohsin Naqvi තේරී පත්ව තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වසර තුනක කාලයක් සදහා ඔහු නිතරගයෙන්ම තේරී පත් වූ බවයි.

පාකිස්තාන ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් පත් කර තිබූ අතුරු කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ Zaka Ashraf පසුගිය මාසයේ දී ඉල්ලා අස් වීමෙන් අනතුරුවයි මෙලෙස නව සභාපතිවරයෙකු ක්‍රිකට් ආයතනය සදහා පත්ව ඇත්තේ.

ඒ අනුව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ 37 වැනි සභාපතිවරයා වන්නේ Mohsin Naqvi.

ඔහු සිය නව පත් වීම පිළිබද මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

“I am deeply honoured and humbled to have been unanimously elected as the Chairman of the Pakistan Cricket Board. I am thankful for the trust and confidence reposed in me.”

“I am fully committed to upgrading the standard of the game in the country and bringing professionalism in the administration of cricket in Pakistan.”

Comments (0)
Add Comment