පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට අයත්ව තිබූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමකට පාකිස්තාන ක්‍රිකට් ආයතනය එකග වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ඒ අනුව අදාළ තරග සංචාරය ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත වනු ඇති.
ජූලි – අගෝස්තු මාසවලදී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය බැවින් අදාළ එක්දින තරගාවලිය අවලංගු කර ඇති බව සදහන්.
එම එක්දින තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් තරගාවලියක් වූයේ නැහැ.