පාකිස්තානය පැමිණ දින 9කට පසු එංගලන්තය තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි

පාකිස්තානය සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් සහ 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ඒ, පාකිස්තාන කණ්ඩායම එරටට පැමිණ දින 9කට පසුවයි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 5 වනදා මැන්චෙස්ටර් හී දී ආරම්භ වනු ඇති.

දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 13 වනදා ද, තෙවැනි තරගය අගෝස්තු 21 වනදා ද ආරම්භ වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එම ටෙස්ට් තරග දෙක සවුත්හැම්ටන් හී දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

අනතුරුව දෙරට අතර තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අගෝස්තු 28, 30 සහ සැප්තැම්බර් පළමු වැනිදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර එංගලන්ත කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියක් ද පැවැත්වෙනවා.

එම තරග සවුත්හැම්ටන් හී දී ජූලි 30, අගෝස්තු 1 සහ 4 යන දිනවලදී පැවැත්වෙනු ඇති.

Comments (0)
Add Comment