පාකිස්තානය පරදා ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් තරගයක් ජය ගැනීමට බංග්ලාදේශය අද(25) සමත් වුණා.
ඒ, දෙරට අතර පාකිස්තානයේ දී පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.
රාවල්පින්ඩිහී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 448 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 565 ක් ලබා ගත්තා.
තරගයේ අවසන් දිනය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුල්ලක් දැවී ලකුණු 23 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 146 ක් පමණයි.
මොහමඩ් රිස්වාන් ලකුණු 51 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මෙහිදි හසාන් කඩුලු 4 ක් හා ශකිබ් අල් හසාන් කඩුලු 3 ක් දවා ගත්තා.
තරගය ජය ගැනීමට ලද ලකුණු 30 ක ඉලක්කය පන්දුවාර 6.3 ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදී සපුරා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. සාකීර් හසාන් නොදැවී ලකුණු 15 ක් හා ශඩ්මන් ඉස්ලාම් නොදැවී ලකුණු 9 ක් රැස් කළා.