පාකිස්තානය පරදා ඉන්දීය A පිලට විශිෂ්ඨ ජයක් ; ශ්‍රී ලංකාව හා පාකිස්තානය අවසන් පූර්ව වටයේ දී එකට ගැටෙයි

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙවත් 12 වැනි තරගයෙන් පාකිස්තාන A කණ්ඩායම පරදා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායම අද(19) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට පන්දුවාර 48 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205 ක් පමණයි.

Qasim Akram ලකුණු 48 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Rajvardhan Hangargekar ලකුණු 42 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 36.4 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Sai Sudharsan නොදැවී ලකුණු 104 ක් රැස් කළේ පන්දු 110 කින්. හයේ පහර 3ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. Nikin Jose ලකුණු 53 යි.

ඒ අනුව මෙවර තරගාවලියේ මූලික වටයේ දී ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමින් ඉන්දියාව B කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට සමත් වුණා.

තරගාවලියේ 11 වැනි තරගය ද කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී අද පැවැති අතර, එම තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය A කණ්ඩායම පරදා කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට නේපාලය සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 44 කදී සියලු දෙනා දැවී ලකුණු 157 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස නේපාලය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 23 කදී කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර අනිද්දා(21) දිවා තරගයක් ලෙස කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙවැනි අවසන් පූර්ව තරගය ද එදිනම ඉන්දීය A  කණ්ඩායම හා බංග්ලාදේශ A කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා.

big 3
Comments (0)
Add Comment