පාකිස්තානය ජයග්‍රහනයට ලකුණු 195 ක් පිටුපසින්

Tea Report

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(19).

තේ පානය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 342 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 77 ක් හා බබාර් අසාම් ලකුණු 26 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉමාම් උල් හක් ලකුණු 35ක් ලබා සිටියදී ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසු වෙමින්.

අනතුරුව අසාර් අලී ලකුණු 6 කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ දී පාකිස්තානය කඩුල 2ක් දැවී ලකුණු 79 ක් ලබා ගත්තා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 329 ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අවසන් වුණේ සියලු දෙනා දැවී ලකුණු 337 ක් ලෙස සටහන්ව තිබියදීයි.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 94 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 76 ක් ද, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64ක් ද ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී මොහමඩ් නවාස් කඩුලු 5ක් බිද හෙලූ අතර, යසීර් ශාහ් කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 222 ක්. පිළිතුරු ලෙස පාකිස්ථානය සිය පළමු ඉනිමට ලකුණු 218 ක් ලබා ගත්තා.

ඒ් අනුව ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය ජය ගැනීම සදහා පාකිස්තානය තවත් ලකුණු 195 ක් ලබා ගත යුතුයි.

Comments (0)
Add Comment