ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 8:00ට ඩුබායිහීදී ආරම්භ වීමට නියමිතව තිබූ පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ ආරම්භය පැයකින් ප්‍රමාද කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඉන්දියාව සමග පැවැති තරගයේදී ඉන්දීය ක්‍රීඩකයින් පාකිස්තාන ක්‍රීඩකයින්ට අතට අත ලබා දෙමින් ආචාර කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයත් සමග අද තරගය ක්‍රීඩා කිරීම සදහා පාකිස්තාන ක්‍රීඩකයින් මෙතෙක් ක්‍රීඩාංගනය වෙත පැමිණ නොතිබීම හේතුවෙන්.
කෙසේ වෙතත්, මේ වන විට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ හා ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා වන Mohsin Naqvi ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ පාකිස්තාන ක්‍රීඩකයින්ට ක්‍රීඩාංගනය වෙත පිටත්ව යන ලෙසට දැනුම් දී ඇති බවයි.
තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9:00 ට ආරම්භ වන බව මේ වන විට ආසියානු ක්‍රිකට් කවුන්සලය මෙන්ම තරගාවලියේ නිල රූපවානිහී විකාශන අයිතිය හිමි සෝනි මාධ්‍ය ජාලය ද නිවේදනය කර තිබෙනවා.
ඉන්දියාව සමග පැවැති තරගයේදී ඉන්දීය ක්‍රීඩකයින් පාකිස්තාන ක්‍රීඩකයින්ට අතට අත ලබා දෙමින් ආචාර කිරීම ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පල කරමින් එම තරගයෙන් පසුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට මෙන්ම ඊයේ දිනයේ අද තරගය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාවට ද එක්වීම පාකිස්තානය ප්‍රතික්ෂේප කළා.
කෙසේ වෙතත්, ඔවුන් ඊයේ දිනයේදී අද තරගය අරමුණු කර ගනිමින් පුහුණුවීම්වල නිරතව තිබූ බවයි වාර්තා වුණේ.
ඉන්දු-පාකිස්තාන තරගයේ තරග තීරකවරයා වූ ඇන්ඩි පයික්‍රොෆ්ට් අද තරගයෙන් හා තරගාවලියෙන් ඉවත් කළ යුතු බවට පාකිස්තානය අයි.සී.සීයෙන් ඉල්ලා තිබූ නමුත්, එයට අයි.සී.සීය යහපත් ප්‍රතිචාරයක් නොදක්වා තිබූ බවයි වාර්තා වුණේ.
අදාළ තරගයේදී කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාවේදී නායකයින් දෙදෙනාට අතට අත ලබා නොදෙන ලෙසට තරග තීරකවරයා ප්‍රකාශ කර තිබීම හේතුවෙනුයි පාකිස්තානය එම ඉල්ලීම සිදු කර තිබුණේ.