ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 342 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
ඒ, තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේ දී සියලු දෙනා දැවී ලකුණු 337 ක් රැස් කිරීමත් සමගයි.
දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 94 ක් ලබා ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.
ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ප්‍රහාත් ජයසූරිය ලකුණු හතරකට දැවී යාමත් සමඟයි චන්දිමාල්ට සිය ටෙස්ට් දිවියට තවත් ශතකයක් එක් කර ගැනීමේ අවස්ථාව අහිමි වී ගියේ.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 76 ක් ද ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේදී මොහමඩ් නවාස් කඩුලු 5ක් සහ යසීර් ශාහ් කඩුලූ 3 ක් බිද හෙලුවා.
ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 222 ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස පාකිස්ථානය සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 218 ක්.