බංග්ලාදේශය හා පාකිස්තානය අතර පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඊයේ ලාහෝර් නුවරදී නිමාව දුටුවේ පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 57 ක විශිෂ්ඨ ජයග්‍රහනයක් අත්කර දෙමින්.
ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0 ක් ලෙස තරගාවලියේ ජයග්‍රහනය වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
පාකිස්තානය සිය රටේදී විස්සයි 20 තරගාවලියක් මෙලෙස ජය ගත්තේ වසර 3කට පසුව වීම ද විශේෂත්වයක්.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 201 ක්. අනර්ඝ ඉනිමක නියැලුන Sahibzada Farhan පන්දු 41 දී ලකුණු 74 ක් රැස් කළා. Hasan Nawaz ලකුණු 51(26) යි.
ලද ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශය ඉතාමත් දුර්වල අයුරින් පිතිකරණයේ නියැලුණ අතර ඔවුන්ට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 144 ක් පමනයි. ඔවුන්ගෙන් වාර්තා වූ එකම වගකීම් සහගත ඉනිම Tanzim Hasan Sakib ගෙන් වාර්තා වූ අතර, ඔහු පන්දු 31 කදී ලකුණු 50 ක් ලබා ගනිමින් සිය මංගල විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කළා.
පන්දු යැවීමේදී Abrar Ahmed ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා.
මේ අතර, තරගය තුළ කාගේත් අවධානයට ලක් වූ සිදුවීමක් බවට පත් වුණේ පාකිස්තාන ඉනිමේ හතර වැනි පන්දුවාරයේදී Hasan Mahmud ගේ පන්දුවකට Sahibzada එල්ල කල පහරකින් පසුව පන්දුව හතරේ සීමාව කරා යාම නවතාලීමට බංග්ලාදේශ පන්දු රකින්නන් දෙදෙනෙකු එකම ආකාරයකින් සිදු කළ උත්සාහයයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ එම උත්සහයන් ව්‍යාර්ත කරමින් එය හතරේ පහරක් බවට පත් වුණා.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) May 31, 2025