පාකිස්තානයට නව නායිකාවක්

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව ලෙස Nida Dar පත් කර තිබෙනවා.

ඒ, නිමා වූ කාන්තා 20යි 20 ලෝක කුසලානයෙන් පසුව නායකත්වයෙන් ඉවත් වූ Bismah Maroof වෙනුවටයි.

එමෙන්ම Mark Coles නව ප්‍රධාන පුහුණුකරු ලෙස ද පත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Nida Dar 20යි 20 ජාත්‍යන්තර තරග 130 කදී හා එක්දින තරග 99 කදී පාකිස්තානය නියෝජනය කර තිබෙනවා.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක Saleem Jaffar කාන්තා තේරීම් කමිටුවේ සභාපති ලෙස පත් කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන්.

Comments (0)
Add Comment