SA20 ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන Pretoria Capitals කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ජොනතන් ත්‍රොට් පත් කර තිබෙනවා.
ඒ, මීට පෙර එම ධූරයේ කටයුතු කළ ග්‍රැහැම් ෆෝර්ඩ් ධූරයෙන් ඉවත් වීමට පසුගිය මාසයේ දී කටයුතු කිරීම හේතුවෙන්.
එංගලන්ත හිටපු ක්‍රීඩකයෙකු වන ජොනතන් ත්‍රොට් මේ වන විට ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.
ඔහු 2022 වසරේ දී එම ධූරය භාර ගත් අතර, පසුගිය ජනවාරි මාසයේ දී ඔහුගේ ධූර කාලය 2024 වසර අවසන් වන තුරු දීර්ඝ කෙරුණා.
ත්‍රොට්ගේ ධූර කාලය දෙසැම්බර් මාසයෙන් පසුව තවදුරටත් දීර්ඝ කරනු ඇත්දැයි මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලියේ 2025 අදියර ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතයි.