ප්‍රිත්වි ෂෝ 20යි 20ට කැදවද්දී කෝලි හා රෝහිට් යළි සංචිතයෙන් ඉවතට

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ආරම්භක පිතිකරු ප්‍රිත්වි ෂෝ කැදවීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

විරාට් කෝලි හා රෝහිට් ෂර්මා මෙම 20යි 20 සංචිතයෙන් ද ඉවත් කර ඇති අතර, හර්ඩික් පාන්ඩ්යා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලියේ දී ආබාධයකට ලක් වූ සංජු සැම්සන්ට මෙම තරගාවලිය ද අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට ඉන්දීය සංචිතයට නම් කෙරුණු ජිටේෂ් ෂර්මා 20යි 20 සංචිතයේ ස්ථානය තහවුරු කර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 සංචිතයට ඇතුළත්ව සිටි හර්ෂාල් පටෙල් මෙම තරගාවලියට නම් කර නැහැ.

පෞද්ගලික හේතූන් මත කේ එල් රාහුල් හා අක්සාර් පටෙල් නවසීලන්තයට එරෙහි 20යි 20 හා එක්දින තරගාවලි සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ අනුව කේ එස් භාරත් හා ශහ්බාස් අහ්මඩ් එක්දින සංචිතයට නම් කර ඇති අතර, කුල්දීප් යාදව් 20යි 20 හා එක්දින සංචිත දෙක සදහාම නම් කර තිබෙනවා.

ශර්දුල් තාකූර් එක්දින සංචිතයට කැදවා ඇත්තේ අර්ෂ්දීප් සිං වෙනුවටයි.

ODI squad:

Rohit Sharma (Captain), Shubman Gill, Ishan Kishan (wk), Virat Kohli, Shreyas Iyer, Suryakumar Yadav, KS Bharat (wk), Hardik Pandya (vice-captain), Washington Sundar, Shahbaz Ahmed, Shardul Thakur, Yuzvendra Chahal, Kuldeep Yadav, Mohd. Shami, Mohd. Siraj, Umran Malik.

T20I squad:

Hardik Pandya (Captain), Suryakumar Yadav (vice-captain), Ishan Kishan (wk), Ruturaj Gaikwad, Shubman Gill, Deepak Hooda, Rahul Tripathi, Jitesh Sharma (wk), Washington Sundar, Kuldeep Yadav, Yuzvendra Chahal, Arshdeep Singh, Umran Malik, Shivam Mavi, Prithvi Shaw, Mukesh Kumar.

big 3
Comments (0)
Add Comment