ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව දූෂන චෝදනා ගොණු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට හා ජාත්‍යන්තර තරගවලට අදාළව මෙම චෝදනා ගොණු කර ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.
අයි.සී.සී නිවේදනයට අනුව 25 හැවිරිදි ප්‍රවීන්ට එරෙහිව දූෂන විරෝධී සංග්‍රහයේ 2.4.4 හා 2.4.7 වගන්ති උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වනවා.
චෝදනා සදහා පිළිතුරු ලබා දීම සදහා අගෝස්තු 6 වැනිදා සිට දින 14 ක කාලයක් ප්‍රවීන් ජයවික්‍රමට ලබා දී ඇති බව සදහන්.
එල්ල වී ඇති චෝදනා –
- Article 2.4.4 – Failing to report to the Anti-Corruption Unit, without unnecessary delay, details of an approach he received to carry out fixing in future International Matches.
- Article 2.4.4 – Failing to report to the Anti-Corruption Unit, without unnecessary delay, details of an approach he received in which he was asked to approach another player, on a corrupter’s behalf, to carry out fixing in the 2021 Lanka Premier League.
- Article 2.4.7 – Obstructing the investigation by deleting messages in which the approaches and offers to engage in corrupt conduct were made.