ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (18).
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.
දිනයේ පළමු කඩුල්ල ලෙස ලෝකන් ටකර් ලකුණු 45 කට දැවී ගිය අතර, අයර්ලන්ත ඉනිම වෙනුවෙන් ජේම්ස් මැකලම් ලකුණු 35 ක් හා හැරී ටෙක්ටර් ලකුණු 34 ක් රැස් කළා.
සුපිරි පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 7 ක් දවා ගත්තේ ලකුණු 52 ක් ලබා දෙමින්. විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් හා රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් දවා ගත්තා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබා සිටියදීයි.
ඒ අනුව අයර්ලන්තය මේ වන විට ලකුණු 448 ක් පිටුපසින් පසුවනවා. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් පිට පිට දෙවැනි ඉනිම ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අයර්ලන්තයට ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.