ප්‍රබල ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සංචිතය හා තවත් ලෙජන්ඩ්ස් සංචිත 4ක් නිවේදනය කෙරේ

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩා කරන සංචිත කිහිපයක් මේ වන විට තරගාවලියේ සංවිධායකයින් විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙවර Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඉන්දියාවේ Kanpur, Raipur, Indore හා Dehradun හී දී තරග පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා අලුතින් එක්වන නවසීලන්ත ලෙජන්ඩ්ස් සංචිතය මෙන්ම, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස්, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් හා එංගලන්ත ලෙජන්ඩ්ස් සංචිත අද නිවේදනය කෙරුණා.

මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.

සනත් ජයසූරිය, අසේල ගුණරත්න, චාමර සිල්වා, ඉසුරු උදාන, චාමර කපුගෙදර, චමින්ද වාස්, ධම්මික ප්‍රසාද්, තිසර පෙරේරා, දිල්ෂාන් මුණවීර, නුවන් කුලසේකර හා උපුල් තරංග වැනි ප්‍රබල ක්‍රීඩකයින් මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙතෙක් නිවේදනය කර ඇති සංචිත –

Road Safety World Series
Road Safety World Series
Road Safety World Series
Road Safety World Series
Road Safety World Series
Comments (0)
Add Comment