ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තීරණාත්මක පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගෙන් යුත් දකුණු අප්‍රිකා කණ්ඩායම නම් කර තිබෙනවා.
වැලමිටක ආබාධයකට ලක්ව සිටි නායක ටෙම්බා බවුමා ඉන් සුවය ලබා ඇති බැවින් ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකා සංචිතයට ද මීට පෙර ඔහුව නම් කෙරුණු අතර, ඒ අනුව පළමු තරගය සදහා බවුමා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
හෙට තරගය සදහා දකුණු අප්‍රිකාව වෙනුවෙන් Marco Jansen, Wiaan Mulder, Gerald Coetzee හා Kagiso Rabada යන වේග පන්දු යවන්නන් සිව් දෙනා ක්‍රීඩා කරනවා.
කණ්ඩායමට ඇතුළත් කර ඇති එකම විශේෂඥ දග පන්දු යවන්නා වන්නේ Keshav Maharaj.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට තරග දෙකක් ඇතුළත් අතර, පළමු තරගය හෙට(27) ඩර්බන්හීදී මෙරට වේලාවෙන් පස්වරු 1:00 ට ආරම්භ වීමට නියමිතයි.
South Africa XI:
Aiden Markram, Tony de Zorzi, Tristan Stubbs, Temba Bavuma (c), David Bedingham, Kyle Verreynne (wk), Marco Jansen, Wiaan Mulder, Gerald Coetzee, Keshav Maharaj, Kagiso Rabada