බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානම දග පන්දු යවන්නා වන මෙහිදි හසාන්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ ඇගිල්ලකට හට ගෙන ඇති ආබාධයක් හේතුවෙන්.
ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ඔහු මෙම ආබාධයට ලක්ව ඇති බව සදහන්.
මෙම ආබාධය නිසා මෙහිදි හසාන්ට ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.
මෙහිදි වෙනුවට නයීම් හසාන් ටෙස්ට් සංචිතයට කැදවීමට නියමිතව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් අදාළ ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 8 වැනිදා එරටට ළගා වීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.