එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන සිම්බාබ්වේ එක්දින හා 20යි 20 සංචිත නිවේදනය කර තිබෙනවා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය ක්‍රෙයිග් අර්වින් විසින් ද, ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් 20යි 20 සංචිතය සිකන්ඩ රාසා විසින් ද මෙහෙයවීමට නියමිතයි.
දෙසැම්බර් මාසයේ දී අයර්ලන්තය සමග පැවැති තරගාවලිය සදහා ආබාධයක් හේතුවෙන් ක්‍රෙයිග් අර්වින්ට ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.
අත්දැකීම් බහුල ක්‍රීඩක ශෝන් විලියම්ස්ට එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයම අහිමි වී ඇත්තේ ආබාධයකට ලක් වීම හේතුවෙන්.
මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති දග පන්දු යවන ක්‍රීඩක Tapiwa Mufudza එක්දින සංචිතය සදහා නම් කර තිබෙනවා.
20යි 20 ජාත්‍යන්තර වරම් පමණක් දිනා ඇති වේග පන්දු යවන ක්‍රීඩක Faraz Akram ද එක්දින සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.
අයර්ලන්තයට එරෙහි සිම්බාබ්වේ සංචිතයට ඇතුළත්ව සිටි Takudzwanashe Kaitano, Tinashe Kamunhukamwe, Milton Shumba හා Tony Munyonga ද ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සංචිතයට ඇතුළත්.
20යි 20 සංචිතය සදහා වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා. ඒ අනුව Brian Bennett, Ainsley Ndlovu හා Carl Mumba සංචිතයට ආදේශ කර ඇත්තේ Kaitano, Mufudza හා Akram වෙනුවටයි.
ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ද, 20යි 20 තරගාවලිය ජනවාරි 14 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.
සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, තරග සංචාරය ආරම්භ කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි 3 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ODI squad:
Craig Ervine (c), Faraz Akran, Ryan Burl, Joylord Gumbie, Luke Jongwe, Takudzwanashe Kaitano, Tinashe Kamunhukamwe, Clive Madande, Wellington Masakadza, Tapiwa Mufudza, Tony Munyonga, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Milton Shumba
T20I squad:
Sikandar Raza (c), Brian Bennett, Ryan Burl, Craig Ervine, Joylord Gumbie, Luke Jongwe, Tinashe Kamunhukamwe, Clive Madande, Wellington Masakadza, Carl Mumba, Tony Munyonga, Blessing Muzarabani, Ainsley Ndlovu, Richard Ngarava, Milton Shumba