ප්‍රබලයින් සිව්දෙනෙකු කැදවමින් නවසීලන්ත 20යි 20 සංචිතය නම් කෙරේ

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ආබාධවලට ලක්ව සිටි මැට් හෙන්රි හා ලොකී ෆර්ගසන් සිය ආබාධවලින් සුවය ලැබීමත් සමග මෙම සංචිතය සදහා නම් කර තිබෙනවා.

විලියම්සන්ට අමතරව විවේක ගන්වා සිටි ඩෙවෝන් කොන්වේ ද යළි නවසීලන්ත සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, පසුගිය අගෝස්තු මාසයේ සිට අඛණ්ඩව ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක රචින් රවීන්ද්‍ර මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු පාදයේ ආබාධයකට ලක් වූ මැට් හෙන්රිට මාස දෙකක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුණා.

ඔහු 20යි 20 තරග පහ සදහාම නම් කර ඇතත්, ෆර්ගසන් නම් කර ඇත්තේ අවසන් 20යි 20 තරග 3 සදහා පමණයි. වේග පන්දු යවන ක්‍රීඩක බෙන් සියර්ස් පළමු 20යි 20 තරග දෙක සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

බංග්ලාදේශයට එරෙහි එක්දින හා 20යි 20 තරගාවලියන්ගෙන් විවේක ගැන් වූ විලියම්සන් පාකිස්තානයට එරෙහි 20යි 20 තරගාවලියේ තෙවැනි තරගයෙන් විවේක ගන්වා ඇති අතර, සෙසු තරග හතර සදහාම ඔහු ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව තෙවැනි තරගයේ දී වැඩබලන නායකයා ලෙස මිචෙල් සැන්ට්නර් කටයුතු කරනු ඇති. මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Josh Clarkson එම තරගය සදහා පමණක් සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ජනවාරි 12 වැනිදා ඔක්ලන්ඩ් හී දී පැවැත්වීමට නියමිත අතර, සෙසු තරග 4 පිළිවෙලින් ජනවාරි 14, 17, 19 හා 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

NZ squad for Pakistan T20Is :

Kane Williamson (capt) (except game 3), Finn Allen, Tim Seifert (wk), Devon Conway (wk), Daryl Mitchell, Glenn Phillips, Mark Chapman, Josh Clarkson (game 3 only), Mitchell Santner, Matt Henry, Adam Milne, Ish Sodhi, Tim Southee, Ben Sears (games 1 & 2), Lockie Ferguson (games 3, 4 & 5)

big 3
Comments (0)
Add Comment