සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා. ඒඩ්න් මාක්‍රම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
ආබාධවලට ලක්ව විවේක ගන්වා සිටි මාර්කෝ ජන්සෙන් හා ජෙරාල්ඩ් කොට්සී සංචිතය සදහා කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ජන්සෙන් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2024 T20 ලෝක කුසලාන තරගාවලියේදීයි. කොට්සී මැයි මාසයේ දී කොදෙව්වන්ට එරෙහිව පැවැති විස්සයි 20 තරගාවලියේ දී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර තිබුණා.
එළඹෙන ශ්‍රී ලංකා හා පාකිස්තාන ටෙස්ට් තරගාවලි අරමුණු කර ගනිමින් ලුන්ගි එන්ගිඩී මෙම විස්සයි 20 සංචිතයට නම් කර නොමැති අතර, කාගිසෝ රබාඩා ද විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.
මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවත් වූ වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා හා දග පන්දු යවන ක්‍රීඩක ටබ්රයිස් ශම්සි සංචිතය සදහා නම් කර නැහැ.
මෙතෙක් විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Mihlali Mpongwana හා Andile Simelane සංචිතය සදහා ඇතුළත් කර තිබෙනවා.
තරග 4 කින් යුත් විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 8 වැනිදා ඩර්බන්හී දී ආරම්භ වීමට නියමිතයි.
South Africa Squad for T20Is against India
Aiden Markram (c), Ottneil Baartman, Gerald Coetzee, Donovan Ferreira, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Patrick Kruger, Keshav Maharaj, David Miller, Mihlali Mpongwana, Nqaba Peter, Ryan Rickelton, Andile Simelane, Lutho Sipamla, Tristan Stubbs