සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් ඊයේ (28) රාත්‍රියේ නිමා වන විට දිනයේ වැඩි ගෞරව තමන් සතු කර ගැනීමට එංගලන්ත යොවුන් කණ්ඩායම සමත් වුණා.
තරගය පළමු දිනයට නතර කරන විට කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 268 ක්.
ඩර්බිහි පැවැත්වෙන මෙම තරගයේදී එංගලන්තය වෙනුවෙන් මැතිව් හර්ස්ට් ලකුණු 116 ක් රැස් කිරීමට සමත් වූ අතර, ආරම්භක පිතිකරු හැරී සිං නොදැවී ලකුණු 98 යි.
ඉනිමේ පළමු කඩුලු තුනම ලකුණු 60 ක් තුළ බිඳ හෙලීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් සමත් වුණා.
කෙසේ වෙතත්, සිව්වැනි කඩුල්ල සදහා සිං සහ හර්ස්ට් ලකුණු 202 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් එංගලන්ත යොවුන් පිල ස්ථාවර කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී වනුජ සහන් ලකුණු 48 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා. දුවිදු රණතුංග හා සහන් මිහිර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.