එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ටෙස්ට් වරම් හිමි කර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පවසනවා.
මැන්චෙස්ටර්හී දී හෙට(21) ආරම්භ වීමට තරගය පිළිබද දැනුවත් කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
ඒ අනුව මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු හා මිලාන් රත්නායක යන ක්‍රීඩකයින් වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.
ප්‍රභාත් ජයසූරිය විශේෂඥ දග පන්දු යවන්නා ලෙස ක්‍රීඩා කිරීමට නියමිත අතර, ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් අමතර දග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමේ රැදී සිටිනවා.
පළමු තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම –
- Dimuth Karunaratne
- Nishan Madushka
- Kusal Mendis
- Angelo Mathews
- Dinesh Chandimal
- Dhananjaya De Silva – Captain
- Kamindu Mendis
- Prabath Jayasuriya
- Asitha Fernando
- Vishwa Fernando
- Milan Rathnayake