ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තමා මේ වන විට සූදානමින් පසුවන බව ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් පවසනවා.
නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ආබාධයකට ලක් වීම හේතුවෙනුයි පළමු ටෙස්ට් තරගය සදහා ද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතව පැවතුණේ.
ආබාධය නිසා ඔහුට ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් එක්දින තරග තුනම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.
මේ අතර, දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගයේ දී වම් අතේ ඇගිල්ලක ආබාධයකට ලක් වූ මිචෙල් ස්ටක්ට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇත්දැයි මෙතෙක් තහවුරු වී නැහැ.
ඔහු මෙතෙක් සම්පූර්ණයෙන්ම සුවය ලබා නොමැති බව සදහන්.
එක්දින තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ දග පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් තවදුරටත් ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය සමග රැදී සිටිනවා.
ඔහුට දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.