සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම අද(1) සමත් වුණා.
කරච්චි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, ඔවුන්ට පන්දුවාර 47.5ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.
කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 49ක් හා ප්‍රසාදනී වීරක්කොඩි ලකුණු 30ක් රැස් කළා. චමරි අතපත්තු ලකුණු 25යි.
පන්දු යැවීමේ දී Ghulam Fatima ලකුණු 21කට කඩුලු 4ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 41.5 ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Sidra Ameen ලකුණු 76ක් රැස් කළ අතර, නායිකා Bismah Maroof නොදැවී ලකුණු 62යි.
පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය හා ඕෂදී රණසිංහ එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
තරග 3කින් යුත් මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතට ද අයත් වනවා.
𝟏𝟎-𝟐-𝟐𝟏-𝟒
Leg-spin masterclass from Ghulam Fatima as she registers her career-best figures ✨
🐦 @TheRealPCB_Live
Watch Live ➡️ https://t.co/oeRT1m2sMp
#⃣ #PAKWvSLW | #BackOurGirls pic.twitter.com/TBwsFrHPKM— Pakistan Cricket (@TheRealPCB) June 1, 2022