පස්වැනි වරටත් ශූරතාවය අපේක්ෂාවෙන් මුම්බායි අද අවසන් තරගයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන අදියරේ අවසන් මහා තරගය අද (10) පැවැත්වෙනවා.

ඒ, සිව්වරක් ශුරතාවය දිනා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පළමුවරට ශුරතාව ජය ගැනීමේ අරමුණින් තරග වදින දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේ ද ශූරතාවය ජය ගතහොත් එය ඔවුන්ගේ පස්වැනි අයි.පී.එල් ශුරතාවය මෙන්ම අඛණ්ඩව ජය ගන්නා දෙවැනි ශූරතාවය ද වනු ඇති.

එසේ වුවහොත් මුම්බායි පිල ඉතිහාසගත වන්නේ අඛණ්ඩව අයි.පී.එල් ශූරතා ද්විත්යක් ජය ගත් දෙවැනි කණ්ඩායම ලෙසයි.

මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2010 සහ 2011 වසරවලදී අයි.පී.එල් ශූරතාවය අඛණ්ඩව ජය ගෙන තිබුණා.

මුම්බායි කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන දිල්ලි කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ පළමු වරටයි.

මේ අතර, අවසන් වටයේ පළමු තරගයේ දී ආබාධයකට ලක් වූ මුම්බායි කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් අවසන් තරගය සදහා බොහෝ විට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

ඔහු පුහුණුවීම් සදහා ද සහභාගී වූ බවයි නායක රෝහිට් ෂර්මා සදහන් කළේ.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ඉතිහාසයේ පළමු වරට සතියේ දිනක පැවැත්වීම ද විශේෂත්වයක්.

Comments (0)
Add Comment