පවෙල්ගේ ප්‍රහාරය හමුවේ පන්දුවාර 11 කට සීමා වූ තරගයේ ජය කඩුලු 3 කින් කොදෙව්වන්ට

Match Report

බටහිර ඉන්දීය කොදෙව් නායක රොව්මන් පවෙල් පන්දු 18 කින් නොදැවී වාර්තා කළ ලකුණු 43 හමුවේ වර්ෂාව හේතුවෙන් පන්දුවාර 11 කට සීමා වූ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු 20යි 20 තරගයෙන් කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොදෙව්වන් අද(25) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා පන්දුවාර 11 කදී ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහි ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

කොදෙව්වන් ජයග්‍රහනය කරා රැගෙන ගිය පවෙල්ගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහරක් ඇතුළත් වුණා. ජොන්සන් චාර්ල්ස් ලකුණු 28 (14) ක් ද, බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 23(8)ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී සිසන්ඩා මාගලා ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 131 ක් වාර්තා කළේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

ඩේවිඩ් මිලර් පන්දු 22 කින් ලකුණු 48 ක් වාර්තා කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්. ක්වෙන්ටන් ඩී කොක් තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 21(12) යි. සිසන්ඩා මාගලා ලකුණු 18 ක් පන්දු 5 කින් නොදැවී වාර්තා කළා.

පන්දු යැවීමේ දී ශෙල්ඩන් කොට්‍රෙල් හා ඔඩියන් ස්මිත් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට කොදෙව්වන් පෙරමුණේ පසුවනවා.

Comments (0)
Add Comment