Major Clubs එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ ක්‍රිකට් සමාජය සමත් වුණා.
ඒ, අවසන් මහා තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 187 කින් පරාජයට පත් කරමින්.
සීසීසී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ ක්‍රිකට් සමාජය කඩුලු 5 ක් දැවී ලකුණු 387 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
එහිදී පවන් රත්නායක නොදැවී ලකුණු 158 ක් ලබා ගත්තේ පන්දු 94 කින් හයේ පහර 9 ක් හා හතරේ පහර 13 ක් සමගින්.
ඔහු එක් පන්දුවාරයකදී පිට පිට හයේ පහර 3ක් සමග හයේ පහර 4 ක් එල්ල කිරීම ද කැපී පෙනුණා. (දර්ශන පහතින්)
නිශාන් මදුෂ්ක ලකුණු 88(85) ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 59(52) ක් ලබා ගත් අතර, සොනාල් දිනූෂ ලකුණු 53(51) යි.
පන්දු යැවීමේදී චාරුක ප්‍රමෝද් හා චාරුක ජයතිලක කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පොලිස් කණ්ඩායමට පන්දුවාර 40.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 200 ක් පමණයි.
ප්‍රියමාල් පෙරේරා ලකුණු 57(56) ක් රැස් කළ අතර, කුසල් පෙරේරා ලකුණු 31(17) යි. පන්දු යැවීමේදී ඉනුක කරන්නාගොඩ කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 32 ක් ලබා දෙමින්.
— cric sl (@cricslvideo) July 31, 2025