ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ (National Super League 4-Day Tournament) දෙවැනි අවසන් පූර්ව තරගය ඊයේ(23) කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
දඹුල්ල කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ යාපනය පිල පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පළමු දිනය නිමා වන විට දඹුල්ල කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 289 ක්.
පවන් රත්නායක ලකුණු 117 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 12 ක් ද සමගින්. ගයාන් මනීෂාන් ලකුණු 51 යි. සිනෝජ් දර්ශික ලකුණු 47 කට දැවී ගිය අතර, අභිෂේක් ලියනආරච්චි ලබා ගත් ලකුණු ප්‍රමාණය 37 ක්.
නායක මිනෝද් භානුක එක් ලකුණකට දැවී ගියා. අශාන් ප්‍රියන්ජන් නොදැවී ලකුණු 30 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
Also Read : සොහාන්ගේ ශතකය හා පසිදුගේ 95* ගාල්ලට ප්‍රබල ආරම්භයක් ගෙනෙයි
පන්දු යැවීමේ දී ශශික දුල්ෂාන් ලකුණු 86 කට කඩුලු 3 ක් හා එෂාන් මාලිංග ලකුණු 43 කට කඩුලු 2 ක් බිද හෙලුවා.