ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද(10) සිට පැවැත්වෙන තරග නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව බලගොල්ල අභිත ක්‍රීඩාංගයෙන් ඕනෑම දිනයකදී පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.
10 වැනිදා සහ 11 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා කාලය තුළ දී “කැන්ඩි සිටි සෙන්ටර්” හී දී ද ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා.
එමෙන්ම Daraz ( https://click.daraz.lk/e/_6gJbD ) ඔස්සේ ද අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ප්‍රවේශ පත්‍ර රුපියල් 500, 2,000, 3,000 හා 5,000 යන මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.
මහනුවර දී පැවැත්වෙන පළමු තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.
[…] – Source – […]