වයස අවුරුදු 19න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මිළග වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සදහා හා ඉන් ඉදිරිය සදහා යොවුන් ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සකස් කර ගැනීමේ එක් පියවරක් ලෙසයි මෙම තරගාවලිය සංවිධාන කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් මෙම තරගාවලියට අනුමැතිය ලබා දී තිබෙනවා.
පළමු තරගාවලිය එළඹෙන ජූනි 19 වැනිදා සිට 28 වැනිදා දක්වා මහනුවර පල්ලේකැලේ හා අස්ගිරිය යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.
ඒ සදහා කොළඹ – දකුණ, කොළඹ උතුර, ගාල්ල, මහනුවර හා දඹුල්ල යන කණ්ඩායම් 5 එක්වන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.
එක් සංචිතයක් සදහා ක්‍රීඩකයින් 13 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු නම් කරනු ඇති.
පන්දුවාර 50 තරග රටාව ඔස්සේ පැවැත්වෙන මෙම තරගාවලියට තරග 11ක් ඇතුළත්.