සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(18) සමත් වුණා. ඒ, දෙරට අතර හෝබාර්ට්හීදී පැවැති අවසන් විස්සයි 20 තරගයෙන් ද ඔස්ට්‍රේලියාව කඩුලු හතක ජයක් වාර්තා කිරීමත් සමගයි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට පන්දුවාර 18.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 117 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 11.2 ක් පමණක් වැය කරමින් කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා(118/3).
මර්කස් ස්ටොයිනිස් පන්දු 27 කින් නොදැවී වේගවත් ලකුණු 61 ක් ලබා ගත්තේ හයේ පහර හා හතරේ පහර 5 බැගින් එල්ල කරමින්. නායක ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 27 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී මෙම තරගයේ දී එක්දින වරම් දිනූ ජහන්දාද් ඛාන්, ශහීන් ශාහ් අෆ්රිඩි හා අබ්බාස් අෆ්රිඩි කඩුල්ල බැගින් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ බාබර් අසාම්. ඔහු පන්දු 28 කින් ලකුණු 41 ක් ලබා ගත්තා. හසීබුල්ලාහ් ඛාන් ලකුණු 24 යි.
පන්දු යැවීමේ දී ආරෝන් හාර්ඩි ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ස්පෙන්සර් ජොන්සන් හා ඇඩම් සම්පා කඩුලු 2 බැගින් බිද හෙලුවා.
Jahandad Khan loses his dacks! #AUSvPAK pic.twitter.com/9RMHWHlj2D
— cricket.com.au (@cricketcomau) November 18, 2024