පන්දුව පළුදු කිරීම පන්දු යවන්නන් ද දැන සිටි බවට බැන්ක්‍රොෆ්ට්ගෙන් ඉගියක්

2018 වසරේ දී දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් තරගයකදී සිදු වූ පන්දුව පළුදු කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ද දැන සිටි බවට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් විසින් ඉගි පළ කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, The Guardian පුවත්පත සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.

28 හැවිරිදි ඔහු මේ වන විට එංගලන්තයේ රැදී සිටින්නේ එරට ප්‍රාන්ත තරගාවලියේ දී ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන්.

පන්දුව පළුදු කිරීමේ වරදට හසු වීම හේතුවෙන් කැමරන් බැන්ක්‍රොෆ්ට්ට මාස 9ක තරග තරහනමක් පැනවුණු අතර, ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ට ද වසරක තරග තහනමක් පැනවුණා.

කෙසේ වෙතත්, ඔවුන් තිදෙනා හැරුණු විට වෙනත් කිසිවෙකුත් ඒ සදහා සම්බන්ධ වී නොමැති බවටයි මීට පෙර අණාවරණය වී තිබුණේ.

WORLD NEWS
Comments (0)
Add Comment