පන්දුව දෝලනය කරමින් කුලසේකර ලබාගත් විශිෂ්ඨතම කඩුල්ල

නුවන් කුලසේකර කියන්නෙ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 184 ක් ක්‍රීඩා කර කඩුලු 199 ක් බිඳ හෙලනු ලැබූ විශිෂ්ඨ පන්දුයවන්නෙක්.

ඔහු සතුව තිබූ සුවිශේෂී පන්දුව දෝලනය කිරීමේ දක්ෂතාවය නිසාම පිතිකරුවන් අසරණ වූ වාර අනන්තයි.

හිටපු විශිෂ්ඨ වේග පන්දුයවන්නෙකු වන චමින්ද වාස්ට පසු මනාව පන්දුව දෝලනය කරමින් කඩුලු ලබාගත් ශ්‍රී ලංකා පන්දුයවන්නෙකු වේ නම් ඒ නුවන් කුලසේකර පමණයි.

කුලසේකර සිය හොඳම එක්දින පන්දුයැවීම ඕස්ට්‍රේලියාවට එරෙහිව 2013 වසරේ බ්‍රිස්බේන් ක්‍රීඩාංගණයෙදී වාර්තා කරන අතර එහීදී ලකුණු 22 කට කඩුලු 5 ක් බිඳ හෙලීමට ඔහු සමත්වුණා.

ඔහු පස්වන කඩුල්ල ලෙස මොයිසෙස් හෙන්ඩ්‍රික්ස්ව ඉතාම අලංකාර ඇතුලට දෝලනය වූ පන්දුවකින් දවාගැනීම විස්තර විචාරකවරුන්ගේ දෙඩි පැසසුමට පවා ලක්ව තිබුණා.

 

Comments (0)
Add Comment