T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගය අතරතුර පන්දු යවමින් සිටියදී පාදයක ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලානයේ ඉතිරි තරග සියල්ල අහිමි වී යාමේ දැඩි අවධානමක් පවතින බවට වාර්තා පළවනවා.
මතීෂ පතිරණ ඊයේ දිනයේදී වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර, එම වෛද්‍ය වාර්තා තවමත් ලැබී නොමැති බව සදහන්.
කෙසේ වෙතත්, ඔහුට සති තුනක් පමණ විවේක ගැනීමට සිදු වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
එසේ වුවහොත් ඔහු වෙනුවට ලෝක කුසලාන සංචිතය සඳහා අද දිනයේදී ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමට කටයුතු කරනු ඇති.
බිනුර ප්‍රනාන්දු හෝ ඩිල්ෂාන් මදුෂංක බොහෝ දුරට සංචිතයට ආදේශ කිරිමට ඉඩ ඇති බව සදහන්.
නුවන් තුෂාර සහ මිලාන් රත්නායක ද ඒ සඳහා සලකා බලනු ඇති.
මීට පෙර ඒෂාන් මාලිංග සහ වනිදු හසරංග ද ආබාධ හේතුවෙන් මෙවර ලෝක කුසලානයෙන් ඉවත් කෙරුණා.
ඔවුන් වෙනුවට ආදේශ කෙරුණේ ප්‍රමෝද් මදුෂාන් හා දුෂාන් හේමන්තයි.
ක්‍රීඩක ආදේශ කිරීමක් සිදුකිරීම සඳහා ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වෙනවා.
Sri Lanka are awaiting scans of Matheesha Pathirana but they suspect the bowler will be ruled out for a minimum of three weeks. Replacement to be sought today. Binura Fernando and Dilshan Madushanka are the leading contenders. Nuwan Thushara and Milan Rathnayake are also options.
— Rex Clementine (@RexClementine) February 18, 2026