පංජාබ් කිංග්ස් IPL තරගාවලියෙන් ඉවතට – නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායමට මේ වන විට සිදුව තිබෙනවා.

ඒ, ඊයේ (9) රාත්‍රියේ පැවැති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම හමුවේ ලකුණු 60 ක පරාජයක් ලැබීමත් සමගයි.

ඒ අනුව මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, සෙසු කණ්ඩායම් අටටම තවදුරටත් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා අවස්ථාව පවතිනවා.

ඊයේ ධරම්සාලාහී දී පැවැති තරගාවලියේ 58 වැනි තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 241 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් පිලට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 181 ක් පමණයි.

විරාත් කෝලි පන්දු 47 කින් ලකුණු 92 ක් ලබා ගනිමින් බැංගලූරු ඉනිම ශක්තිමත් කළ අතර, පංජාබ් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 27 කින් ලකුණු 61 ක් රැස් කළ රයිලී රොසෝව්.

IPL 2024 - Points Table (Updated on May 19)

TEAMS M W L PT NRR
KKR (Q) 14 9 3 20 1.428
SRH (Q) 14 8 5 17 0.414
RR (Q) 14 8 5 17 0.273
RCB (Q) 14 7 7 14 0.459
CSK (E) 14 7 7 14 0.392
DC (E) 14 7 7 14 -0.377
LSG (E) 14 7 7 14 -0.667
GT (E) 14 5 7 12 -1.063
PBKS (E) 14 5 9 10 -0.353
MI (E) 14 4 10 8 -0.318
Comments (0)
Add Comment