නෝමන් අලීගෙන් කඩුලු ත්‍රිත්වයක් – පළමු දිනයේදී කඩුලු 20 ක් බිද වැටෙයි

Day 1 Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) ආරම්භ වුණේ පළමු දිනයේදීම කඩුලු 20ක් බිද වැටෙමින්.

මුල්තාන්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163 ක් පමණයි.

පිළිතුරු ලෙස පාකිස්තාන පළමු ඉනිම ලකුණු 154 කට සීමා වූ අතර, ඒ අනුව කොදෙව්වන් පළමු ඉනිමේදී ලකුණු 9 ක් ඉදිරියෙන් පසුවෙමින් හෙට දිනයේදී සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට නියමිතයි.

කොදෙව් පළමු ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 38 දීත්, 8 වැනි කඩුල්ල ලකුණු 54 දීත් බිද වැටුණා. ගුඩකේෂ් මෝති ලකුණු 55 ක් හා ජොමෙල් වොරිකන් නොදැවී ලකුණු 36 ක් හා කෙමා රෝච් ලකුණු 25 ක් ලබා ගනිමින් කොදෙව් පසුපෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේදී නෝමන් අලී ලකුණු 41 කට කඩුලු 6 ක් දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයක් ද සමගින්. පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පළමු දග පන්දු යවන්නා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

පාකිස්තාන පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ මොහමඩ් රිස්වාන්. ඔහු ලකුණු 49 ක් රැස් කළ අතර, සවුද් ශකීල් ලකුණු 32 කට දැවී ගියා.

පන්දු යැවීමේදී ජොමෙල් වොරිකන් කඩුලු 4 ක් හා ගුඩකේෂ් මෝති කඩුලු 3 ක් බිද හෙලුවා.

top
Comments (0)
Add Comment