නේපාලයේ වගකීම වට්මෝර්ට

නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඩේව් වට්මෝර් පත් කර තිබෙනවා.

ඒ, පසුගිය පෙබරවාරි මාසයේ දී ධූරයෙන් ඉවත් වූ Umesh Patwal වෙනුවටයි.

2021 ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නේපාලයට නොහැකි වූ පසුබිමක 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් කණ්ඩායම සූදානම් කිරීම ඔහුට පැවරෙන ප්‍රධාන වගකීමක් වනු ඇති.

ඩේව් වට්මෝර් මීට පෙර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල්වල ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

nepal news
Comments (0)
Add Comment