නෙත්මි ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි

බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට 18 හැවිරිදි නෙත්මි පෝරුතොටගේ සමත් වුණා.

ඒ, ඇය තරග කළ කාන්තා නිදහස් ආර කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ මල්ලවපොර තරග ඉසව්වෙන්.

ලෝකඩ පදක්කම සදහා වූ තරගයේ දී ඇය හමුවේ ලකුණු 10 ට 0 ක් ලෙස පරාජයට පත් වූයේ ඔස්ට්‍රේලියාවේ Irene Symeonidis.

ශ්‍රී ලංකාව මේ වන විට එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 3 ක් සමගින් සමස්ත පදක්කම් සටහනේ 25 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Comments (0)
Add Comment