ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(23) සමත් වුණා.
චෙන්නායිහීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 155 ක් ලබා ගනිමින්.
තිලක් වර්මා ලකුණු 31 ක්, නායක සූර්යකුමාර් යාදව් ලකුණු 29 ක් හා දීපක් චහාර් නොදැවී ලකුණු 28 ක් රැස් කළා.
සූර්යකුමාර් දවා ගැනීම සදහා 43 හැවිරිදි එම් එස් දෝනි විශිෂ්ඨ ස්ටම්ප් කිරීමක් සිදු කිරීම මෙම තරගයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.
පන්දු යැවීමේදී මුම්බායි ඉනිම සුණු විසුණු කළ නූර් අහ්මඩ් ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගත් අතර, කලීල් අහ්මඩ් ලකුණු 29 කට කඩුලු 3 ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිල පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී සිටියදී ජයග්‍රහී ඉලක්කය සපුරා ගත්තා.
නායක රුටුරාජ් ගයික්වඩ් ලකුණු 53(26) කට දැවී ගියා. චෙන්නායි මැදපෙල කඩුලු කිහිපයක් අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දැවී ගිය නමුත්, ආරම්භක පිතිකරු රචින් රවීන්ද්‍ර පන්දු 45 කින් නොදැවී ලකුණු 65 ක් ලබා සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. රචින්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් ඇතුළත්
පන්දු යැවීමේදී සිය මංගල අයි.පී.එල් තරගය ක්‍රීඩා කළ විග්නේෂ් පුතූර් ලකුණු 32 කට කඩුලු 3 ක් බිද හෙලුවා.