“නියමයි මල්ලි” විරාත් කෝලි ශකිබ්ට කියපු දේ

ඉන්දියාව හා බංග්ලාදේශය අතර චෙන්නායි හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 81 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 4 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 119 ක් හා රිෂාබ් පාන්ට් ලකුණු 109 ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

ඒ අනුව බංග්ලාදේශයට තරගය ජය ගැනීම සදහා හිමිව ඇති ඉලක්කය ලකුණු 515 ක්.

මෙම තරගයේ දී විරාත් කෝලි පිතිකරණයේ නිරතව සිටියදී ඔහු විසින් ශකිබ් අල් හසාන් වෙත “නියමයි මල්ලි” යනුවෙන් සිංහලෙන් පවසන ආකාරයක් ද දැක ගත හැකි වුණා.

අනතුරුව “Malinga bana hua, yorker pe yorker” යනුවෙන්, එනම් “ඔබ යෝකර් පන්දු යවනවා මාලිංග වාගේ” යනුවෙන් විරාත් කෝලි විසින් ශකිබ්ට සදහන් කළා.

දර්ශන පහතින් –

top
Comments (0)
Add Comment