නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් යාපනය කණ්ඩායම පරදා කඩුලු තුනක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් වුණා.
දඹුල්ලේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන්නේ යාපනය කණ්ඩායමයි. ඔවුන් කඩුලු හයක් දැවී ලකුණු 310 ක් රැස් කළා.
නිපුන් කරුණානායක නොදැවී ලකුණු 108 ක් ලබා ගත්තේ පන්දු 119 කින්. ඒ, හතරේ පහර 8ක් සමගින්. හසිත බොයගොඩ ලකුණු 86 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 62 ක් ලබා දෙමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 15 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.
අශේන් බණ්ඩාර පන්දු 66 කින් ලකුණු 80 ක් නොදැවී රැස් කළ අතර, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 61(66) ක් හා විශාද් රන්දික ලකුණු 54(29) ක් ලබා ගත්තා. තරිදු රත්නායක නොදැවී ලකුණු 37(27)යි.
පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් හා ශිරාන් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්තා.